
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) හටගත් දරුණු ගින්න ඇති වූ ස්ථානය රස පරීක්ෂක නිලධාරීන් විසින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, ජල මෝටරයට සහ එම ස්ථානයේ තිබූ මල්ටි ප්ලග් එකකින් විදුලි කාන්දුවී ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ආසන්නයේ මෙට්ට අසූවක් පමණ තිබී ඇති අතර ඊට ගිනි ඇවිලි පැතිරී ගොස් ඇති බව සඳහන්.