
නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් හතර දෙනෙකු (44) ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සති දෙකක කාලයක් තුල ත්‍රිකුණාමලය පනිචන්කේනි, සෝබා දූපත, පොල්මල්කුඩා, කින්නියා, සූඩයිකුඩා, ඔට්ටමාවඩි, අලම්පිල්, පුඩුවකට්ටු සහ යාපනය චුන්ඩිකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව මෙහෙයුමක් දියත් කළා. මෙහිදි නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 44 දෙනෙක් අතඅඩංගුවට ගනු ලඇබුවා. එමෙන්ම ඩිංගි යාත්‍රා අටක් (08), කැනොයි යාත්‍රා දෙකක් (02) සහ ට්‍රැක්ටර් රථ හතරක් (04) ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කුඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, කොඩ්බේ, මුතූර්, වාලච්චේනයි, කුච්චවේලි, මුලතිව්, යාපනය යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරනු ලැබුවා.