
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේට අදාළව ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය
විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව සහ
අගතියට පත් පාර්ශවය අද (04/06) අධිකරණයේදී ප්‍රකාශ කළා.
අද දින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්
ජනාධිපති නීතිඥ දිලීප පිරිස් මහතා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන්
ජනාධිපති නීතිඥ රියෙන්සි අරසකුලරත්න මහතා එම මනෝ වෛද්‍ය වාර්තා
ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ජූනි 3 දින අධිකරණයට මෝසමක් මගින් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින
නීතිඥයන් වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ ඔහුගේ කනිෂ්ට නීතිඥ
අසිත් සිරිවර්ධන ඇතුළු පිරිසක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නඩුව
අද දින (4) කැඳවන ලැබුවා.
මෙම නඩුව කැඳවන අවස්ථාවේදී නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ
සැකකාර සුරේෂ් සලේට කාංසාව, විශාදය සහ පශ්චාත් කම්පන ආතති තත්ත්වයක්
(PTSD) ඇති බවට මනෝ වෛද්‍ය වාර්තාවේ සඳහන් වාර්තාවේ සඳහන් වන බවයි.
මෙම මෝසම් පත්‍රය පල කරන ලද්දේ අද දින විභාගයට ගැනීමට නියමිතව තිබූ
රිට් ආඥා පත්‍රය විභාග කිරීමට බලපෑම් කිරීම සඳහා බව අතිරේක සොලිසිටර්
ජනරාල්වරයා විසින් එහිදී චෝදනා කරනු ලැබුවා.
ඒ අනුව, එම රිට් අයදුම් පත්‍රය පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වසන්
කර ඇති බවත්, මෙම මනෝ විද්‍යාව වර්තාව කෙටි අධ්‍යනයකින් පසු සකස් කරන
ලද වාර්තාවක් බවත් වාර්තාවේම සඳහන් වන බැවින් එම වාර්තාව ප්‍රමාණවත්
නොවන බවත්, එම මනෝ වෛද්‍ය වාර්තාවේම සඳහන් වන ආකාරයට සෞඛ්‍ය
අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ අනුමැතිය සහිතව විශේෂඥ වෝහාරික වෛද්‍ය
මණ්ඩලයක් හරහා මේ පිළිබඳව විමර්ශනය කරන ලෙසත් අතිරේක සොලිසිටර්
ජනරාල් විසින් ප්‍රකාශ කර සිටියා.
එසේම මෙම මෝෂන් පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්
විසින් ඉල්ලා සිටියා.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියෙන්සි
අර්සකුලරත්න මහතා ප්‍රකාශ කලේ මෙම වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන් වන
ආකාරයට සුරේෂ් සලේ මහතා මානසිකව පිඩාවට පත්ව ඇත්තේ ඔහුව අත්අඩංගුවට
ගත් මොහොතෙන් පසුව බවයි.
එය පිළිගත හැකි තත්වයක් බවත්, ඕනෑම පුද්ගලයෙකු ත්‍රස්තවාදය වැළක්වීමේ
පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙවැනි මානසික ආතතියකට පත්
වීම සාමාන්‍ය දෙයක් බවත්, එම නිසා මෝෂන් පත්‍රයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන
ලෙසත්, මනෝ වෛද්‍ය වාර්තාවේම සඳහන් ආකාරයට තවත් විශේෂඥ විද්‍යා
මණ්ඩලයක් හරහා විමර්ශනයක් කිරීමට කිසිදු විරෝධයක් නොදක්වන බවත් ප්‍රකාශ
කරනු ලැබුවා.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ විශේෂඥ
වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර ලබා දෙන්නේද
නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 10 දින ප්‍රකාශයට පත් කරන බව කොටුව
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (4) නීතිපතිවරයා වෙත දන්වා සිටියා.
මේ අනුව මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජූනි 10 දින දහවල් 2 ට
නියෝගය ලබා දීම සඳහා නඩු විභාගය කල් තබනු ලැබුවා.