
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මානසික වෛද්‍යවරුන් ඉදිරියේ රංගනයක නිරතවී ඇති බවත් ඔහුට අදාළව ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවය අධිකරණයේදී ප්‍රකාශ කළා.
අද (ජුනි 04) දින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අරසකුලරත්න මහතා එම මනෝ වෛද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ජූනි 3 දින අධිකරණයට මෝසමක් මගින් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ ඔහුගේ කනිෂ්ට නීතිඥ අසිත් සිරිවර්ධන ඇතුළු පිරිසක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නඩුව අද දින (4) කැඳවන ලදී.
මෙම මෝසම් පත්‍රය පල කරන ලද්දේ අද දින විභාගයට ගැනීමට නියමිතව තිබූ රිට් ආඥා පත්‍රය විභාග කිරීමට බලපෑම් කිරීම සඳහා බව අතිරේක සොලිසිටර් ජනරාල් විසින් එහිදී චෝදනා ලදී.
ඒ අනුව, එම රිට් අයදුම් පත්‍රය පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වසන් කර ඇති බවත්, මෙම මනෝ විද්‍යාව වර්තාව කෙටි අධ්‍යනයකින් පසු සකස් කරන ලද වාර්තාවක් බවත් වාර්තාවේම සඳහන් වන බැවින් එම වාර්තාව ප්‍රමාණවත් නොවන බවත්, එම මනෝ වෛද්‍ය වාර්තාවේම සඳහන් වන ආකාරයට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ අනුමැතිය සහිතව විශේෂඥ වෝහාරික වෛද්‍ය මණ්ඩලයක් හරහා මේ පිළිබඳව විමර්ශනය කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් විසින් ප්‍රකාශ කර සිටියා. එසේම මෙම මෝෂන් පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් විසින් ඉල්ලා සිටින ලදී.
මෙම නඩුව කැඳවන අවස්ථාවේදී නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ සැකකාර සුරේෂ් සලේට කාංසාව, විශාදය සහ පශ්චාත් කම්පන ආතති තත්ත්වයක් (PTSD) ඇති බවට මනෝ වෛද්‍ය වාර්තාවේ සඳහන් වාර්තාවේ සඳහන් වන බවයි.