
ඊයේ (ජුනි 03) අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන්, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතා ප්‍රකාශ කරනවා.
අනතුරෙන් තවත් පුද්ගලයන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.
එමෙන්ම වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ගින්න හටගන්නා අවස්ථාවේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ 72 ක් රැඳී සිට ඇති බව සඳහන්.
ගින්නෙන් බේරුණු වැඩිහිටි නිවාසයේ සිටි 50 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ බටගොඩ කනිෂ්ට විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගන්වා තිබුණා.
අද පෙරවරුවේදී ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, එම පිරිස මෙම වැඩිහිටි නිවාසයේම අනු ශාඛාවක් වන ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසය වෙත ආරක්ෂිතව යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.