
බලපත්රයක් නොමැතිව විදේශීය මත්පැන් විකුණු කොළඹ පෝර්ට්සිටියේ
අවන්හලකට එරෙහිව කොළඹ මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය
රුපියල් දෙලක්ෂ අසූ පන්දහසක දඩයක් නියම කර තිබෙනවා.
එමෙන්ම එම අවන්හල සතුව තිබී අත්අඩංගුවට ගත් විදේශ මත්පාන්
බෝතල් සියයකට ආසන්න ප්රමාණයක්ද රාජසන්තක කිරීමටද මහෙස්ත්රාත්වරිය
නියෝග කළා.
සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ජුනි 21 වැනිදා එම අවහන්හල
වටලා මෙම විදේශ මත්පැන් බෝතල් අත්අඩංගුවට ගත් බව එම නිලධාරීන්
සඳහන් කළා.
එම අවහන්හල මීට වසර තුනකට පමණ පෙර කොළඹ පෝර්ට් සිටියේ ආරම්භ
කර ඇති අතර එතැන් සිට මේ දක්වා මත්පැන් විකිණීම සඳහා බලපත්රයක්
ලබාගෙන නැති බවද වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ඒ අනුව කරුණු සලකා බැලු මලිගාකන්ද මහෙස්ත්රාත් ලෝචනී අබේවික්රම
මහත්මීය එකී නියෝග නිකුත් කරනු ලැබුවා.