
ඌව විශ්ව විද්‍යාලයේ පුස්තකාල කාර්යාල කාර්ය සහයක තනතුර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(24) නියෝග කළා. සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හාලිඇල ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයක් වන අමරනාත් මුදියන්සේලාගේ කිරිබණ්ඩා නමැති පුද්ගලයෙකි. සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, මාගේ සේවාදායකයා එම මුදල අල්ලසක් නොව ණය මුදලක් ලෙස ලබා ගෙන ඇති බවයි. ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් සැකකරු ලබන 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.