
රාජාංගනය සද්ධාරතන හිමිගේ ඇප අවලංගු කරන්නේද නැද්ද යන්න
සම්බන්ධයෙන් සලකා බැලීමේ නියෝගය ලබන 22 ලබා දෙන බව කොටුව
මහේස්ත්‍රාත් පසන් අමරසේන අද ( 24 ) දැනුම් දුන්නා.
ඇප කොන්දේසි කඩ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අශිෂ්ට අසභ්‍ය වචන
භාවිතා කරමින් ඇප කොන්දේසි කඩ කර ඇති බවට අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු රක්ෂිත
බන්ධනාගාර ගත කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා
මෙම නියෝගය සිදු කළා.
ඇප අවලංගු කිරීමට අදාල සංයුක්ත තැටි අද දින අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය
වෙත භාර දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
නියෝග කළා.
සැකකාර හිමියන් ඇප මත මුදා හරින අවස්ථාවේදී නිකුත් කළ ඇප කොන්දේසි
කඩ කර ඇතැයි මහේස්ත්‍රාත්වරයා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
දැනුම් දුන්නා.
සිද්ධියට අදාළ නඩුව ලබන 22 යළි කැඳවිමට නියමිතයි.