
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 06 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.
ඒ, මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනුණු අවස්ථාවේදීයි.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙලෙස දෙවන දිනටත් කැඳවනු ලැබීය.
අද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කරුණු දැක්වීය.