
2025/26 UEFA චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයෙන් ආර්සනල් (Arsenal) කණ්ඩායම පරදා අතිදැවැන්ත ජයග්රහණයක් ලබමින් පිට පිටම දෙවැනි වරටත් යුරෝපයේ රජුන් වෙන්න PSG කණ්ඩායම සමත් වුණා.
තරගයේ නියමිත කාලය වගේම අතිරේක කාලය අවසන් වෙනකොටත් කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් විදිහට සම තත්ත්වයේ පසු වූ අතර ජයග්රාහකයා තීරණය කෙරුණේ දඬුවම් පහර (Penalty Shootout) මඟිනි.
එහිදී දඩුවම් පහර 4-3ක් ලෙස සාර්ථක කරගත් PSG කණ්ඩායම ආර්සනල් කණ්ඩායම පරදා මෙවර ශූරතාව තමන් සතු කර ගැනීමට සමත්වුණා.