
යුරෝපය පුරා මේ දිනවල පවතින අතිශය දරුණු උණුසුම හේතුවෙන් ප්‍රංශයේ අනාරක්ෂිත ස්ථානවල පිහිනීමට ගිය පුද්ගලයින් 40 දෙනෙකු සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
අධික රස්නයෙන් බේරීම සඳහා විල් සහ ගංගාවලට බැසීමට යාමේදී මෙම අනතුරු සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ,
ප්‍රංශයට අමතරව බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ද මෙලෙස දැඩි උණුසුමෙන් පීඩා විඳිමින් සිටින අතර, සමහර ප්‍රදේශවල වාර්තා වූ අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් වසා දැමීමට සහ ප්‍රවාහන ජාලයන් තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පෙන්වා දෙන්නේ යුරෝපය ගෝලීය සාමාන්‍ය අගයට වඩා දෙගුණයකටත් වඩා වේගයෙන් උණුසුම් වෙමින් පවතින බවයි.